ආදරනීය හේමමාලි දියනිවරුනි,
දෙමාපියනි,
හිතවත් ගුරු මහත්ම මහත්මියනි,

covid -19 වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් වසා ඇති මේ අවස්ථාවෙහි ඔබගේ දරුවාගේ/සිසුවියගේ ඉගෙනුමට/ඉගැන්වීමට සහය වීම සදහා microsoft සමාගම සමග එක්ව කටයුතු කිරිමට තීරණය කර ඇත. (Microsoft 365 Education )
ඒ සදහා පාසලේ සියලුම ගුරුවරුන්ට සහ සිසුවියන්ට නොමිලේ අන්තර් ජාලය සමග කටයුතු කිරිමට අන්තර් ජාල ගිණුමක් සකස් කරනු ලැබේ.
සියලුම පන්ති භාර ගුරු මහත්ම මහත්මින් තම වගකීමට අයත් සිසුවියන් ගේ අන්තර් ජාල ගිණුම් සකස් කිරිමට අවශ්‍ය තොරතුරු ඇතුලත් පෝරමය සම්පුර්ණ කර හැකි ඉක්මනින් විදුහලේ අන්තර් ජාලය ඔස්සේ ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු භාරව සිටින නියෝජ්‍ය විදුහල්පති සුජීවා මැදගෙදර මහත්මිය වෙත යොමු කරන්න .
මෙම කාර්‍යය ඵලදායිව ක්‍රියාත්මක කිරිමට සියලුම සිසුවියන්ට තාක්ශණික පහසුකම් තිබීම වැදගත් වේ. එබැවින් දැනට එම අපහසුතා ඇති සිසුන් හදුනාගෙන වාර්තා කරන්න . ඒ පිළිබඳව දෙමාපියන් දැනුවත් කරන්න.
අප සැම එක්ව හේමමාලි දියනිවරුන්ට virtual class room වෙත පිවිසිමට එහි ඉගෙනුමට අවස්ථාව සලසා දෙමු.

විදුහල්පතිනිය

Popular posts from this blog