2019 වර්ෂයේදී අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගයට පෙනි සිටි ආදරනීය හේමමාලි දියනිවරුනි,

2020/2022 අ.පො.ස. උසස් පෙළ පන්ති ආරම්භ කිරිම සදහා අභ්‍යන්තර සිසුවියන් ගෙන් අයදුම්පත් කැදවීම 2020 මැයි 05 දින සිට ආරම්භ කර ඇත.
අයදුම්පත් විද්‍යාලයේ ආරක්ෂක අංශයෙන් පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා ලබා ගත හැක.
අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2020 මැයි 18 සදුදා වේ.
ඔබගේ අයදුම්පත්‍රය නිසි පරිදි සම්පුර්ණ කර එදින ට හෝ ඊට පෙර විද්‍යාලයේ ආරක්ෂක අංශයට භාර දෙන්න.
එය ඉන් අනතුරුව 11 ශ්‍රේණියේ පන්ති භාර ගුරුතුමිය ගේ පරික්ෂාවට සහ අනුමැතියට යොමු කරනු ලැබේ. එබැවින් අයදුම්පත්‍රයේ දකුණු කෙලවර ඔබගේ පන්තියේ නම ( 2019) පැහැදිලිව ලියන්න.

ඔබට අයදුම්පත්‍රය පාසල් ආරක්ෂක අංශය වෙතින් ලබා ගැනීම අපහසු නම් පහත සදහන් තොරතුරු ඔබගේ පන්ති භාර ගුරුතුමිය වෙත ලබා දෙන්න.
(සම්පුර්ණ නම / විභාග අංකය / උසස් පෙළ හැදැරීමට බලාපොරොත්තු වන විෂයය ධාරාව / සාමාන්‍ය පෙළ විභාගයේ දි ගණිතය , විද්‍යාව , වානිජ , යන විෂයයන්ට ලබා ගෙන ඇති සාමාර්ථ ය)

2019 වර්ෂයේ 11 ශේණියේ පන්ති භාර ගුරු භවතුන් සහ එම අංශයේ වගකීම භාර නි.විදුහල්පතිනිය / අංශ ප්‍රධාන ගුරුතුමිය සිසුවියන් සදහා වැඩිදුර උපදෙස් ලබා දෙන්න.


විදුහල්පතිනිය

Popular posts from this blog