හිතවත් ගුරු මහත්ම මහත්මියනි,

යලි පාසල් විවෘත කිරිමට සුදානම් වීම සදහා රජය මගින් නිකුත් කර ඇති 2020/ 15 චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය school blog පිටුව වෙත යොමු කර ඇත. එය කියවා අවබෝධ කරගන්න. එහි නියමයන් ක්‍රියාත්මක කරමින් පාසල් පරිශ්‍රය සකස්කර ගැනිමට 2020/05/18 දින සිට විදුහලේ ගුරු , කලමනාකරණ, කර්‍යාලය කාර්‍යමණ්ඩල කණ්ඩායම් ලෙස පාසලට කැදවීමට තීරණය කර ඇත.

ඒ අනුව පසුගිය සතියේ ( 2020 මැයි 26 -29 ) නියමිත දින සේවයට පැමිණ සේවය සැලසු ගුරු / කලමනාකරණ/ අනද්‍යන කාර්‍යය මන්ඩලයේ සියලුම දෙනාට ස්තුතිය පුද කරමි.

එම සතියේ නියමිත දින සේවයට
නොපැමිණී ගුරු භවතුන් නොපැමිණීමට හේතුව විදුහල්පතිනිය වෙත දැනුවත් කරන්න .

2020 ජුනි 01 සදුදා සිට 03 බදාදා දක්වා පහත දන්වා ඇති පරිදි සේවය සදහා පැමිණිමට කාරුණික වන්න.

කාර්යාල සහ සෙසු සේවා කටයුතු පෙ.ව. 8.30 සිට දහවල් 12.00 දක්වා පමණක් ක්‍රියාත්මක වේ.

එහිදි පහත කරුණු කෙරෙහි ඔබගේ අවදානය යොමු කරන්න.

1. සැම විටම රජය විසින් නිකුත් කර ඇති නිරෝදායන සහ සෞඛ්‍ය නීති/ රීති / පිලිපදින්න.ඔබගේත් අන් අයගේත් සෞඛ්‍ය ආරක්ෂා කරන්න.
ඔබට පහසු , ගුරු ගෞරවය රැකෙන උචිත ඇදුමකින් සැරසි පැමිණිමට අවසරය ලබා දී ඇත.

2. සේවයට පැමිණිමේදී ඔබගේ සේවා හැදුනුම්පත රැගෙන එන්න. සේවයට වාර්තා කල පසු නියමිත අස්සන් ලේඛන වල අස්සන් කිරිමට වග බලා ගන්න.

3. සේවයට පැමිණිමේදීත් , සේවා ස්ථානයට පැමිණි පසුවත් වෙනත් ගමන් බිමන් හැකිතාක්දුරට අවම කරන්න .

4. සේවා අවශ්‍යතා සදහා ගුරු භවතුන්/ වෙනත් සේවා සපයන්නන් කැදවීම විදුහල්පතිනිය විසින් ඔවුන් දැනුවත් කිරීමෙන් පසුව පමණක් සිදු කරනු ලැබේ. එබැවින් කිසිදු බාහිර පුද්ගලයෙක් පාසල් පරිශ්‍රයට කැදවීම නොකරන්න.

5. වෙනත් ගුරුවරුන් තම පුද්ගලික අවශ්‍යතා සදහා මෙම දින වල පාසලට පැමිණිමට නම් විදුහල්පතිනියගේ අවසරය ලබා ගත යුතුයමය.

6. කිසිදු ශිෂයයෙකුට/ දෙමාපියකුට පාසල් පරිශ්‍රයට ඇතුළු වීමට අවසරය නොලැබේ.


2020 ජුනි 01 සදුදා

covid -19 පාසල් සුදානම් සැලසුම සහ අය-වැය සකස් කිරීමේ කටයුතු / පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුවේ කටයුතු / විශ්ව විද්‍යාල අයදුම්පත් කටයුතු / 2019 භාන්ඩ සමීක්ෂණ අවසන් කිරිම

එස්. ඒ.කේ. මැණිකේ මිය
ජේ. එස්. ටී. ජයසිංහ මිය
ගාමිනි ආරියවංශ මයා.
කේ.ජී.එම්.කුමාරි මිය
එච්ජේ.ඒ.නිල්මිනි මිය
දිලිනි ජයරත්න මිය
එන්.වී.කේ.බස්නායක මෙවි
චන්දිමා රණසිංහ මිය
එස්.උඩගෙදර මිය
මහේන්ද්‍ර ආරච්චිගේ මයා
මහින්ද රත්නායක
කුසුම් සිරි බණ්ඩාර මයා
දර්ශන කරුණාතිලක මයා
ජී.ඩබ්ලිව් .කේ.තිලක් මයා
එන්. පිටවලගේ මයා
සී. ජේ. බී. නියැදේපොල මයා
පී.කේ.ජයරත්න මයා

2020 ජුනි 02 අගහරුවාදා

2020 මාර්තු / අප්‍රේල් / මැයි වැටුප් ලේඛන අත්සන් කිරිම
සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු

වැටුප් ලේඛන මෙතෙක් අත්සන් නොකල ගුරු භවතුන් පමණක් පාසලට පැමිණිය යුතුය.
ඔබගේ ගුරු අංකය අනුව ලබා දී ඇති වේලාව තුල පමණක් පාසලට පැමිණෙන්නට වග බලා ගන්න .

අංක 1 - 65
පෙ.ව. 8.30 සිට 10.30 දක්වා
අංක 66 - 125
පෙ.ව. 10.30 සිට 12.30 දක්වා

2020 ජූනි 03 බදාදා

covid සැලසුම සහ එම මුදල් කටයුතු අවසන් කිරිම / online learning පසු විපරම / SIS තොරතුරු අවසන් කිරිම

සියලුම නියෝජ්‍ය විදුහල්පතිවරුන් / සහකාර විදුහල්පතිවරුන් / භාන්ඩාගාරික / අභ්‍යන්තර විගණන කමිටුවේ ගුරුවරුන් / මැදි කලමනාකරණ කමිටුවේ ගුරු භවතුන්
එන්. නවරත්න මිය
ගයත්‍රී ජයසිංහ මිය
2020 වර්ෂයේ 10 ශ්‍රෙනියේ පන්ති භාර ගුරුවරුන්

හේමමාලි පවුලේ අප සැම වගකීමෙන් සහ අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් covid-19 වසංගතය අවසන් කිරිමටත් , රට යලි යථා තත්ත්වයට පත් කරලීමටත් , දරුවන්ට යලිත් අද්‍යාපනයේ නියැලීමටත් උපකාර කරමු.

ඔබ සැමට නිරෝගී සුරක්ෂිත හෙට දවසක් පතමි.

විදුහල්පතිනිය

Popular posts from this blog