මෙම විශේෂ නිවේදනය 2019 වර්ෂයේ සියලුම පන්ති භාර ගුරුවරුන් වෙත

අද්‍යාපන අමාත්‍යාංශය මගින් සකස්කොට ඇති ශිෂය තොරතුරු පද්ධතිය (SIS )වෙත 2019 වර්ෂයේදී ඔබගේ වගකීම ට අයත්ව තිබු පන්තියේ සියලුම සිසුවියන් ගේ තොරතුරු මේ වන විට ඇතුලත් කර අවසන් විය යුතුය.

එසේ සිසුවියන් ගේ තොරතුරු සම්පුර්ණ කර නොමති පන්ති පිළිබඳව කලාපයේ තොරතුරු තාක්ශණ අංශය මගින් පරික්ෂා කර මා වෙත දන්වා ඇත.
මෙම තොරතුරු වල පූර්ණ වගකීම පන්ති භාර ගුරුවරුන් සතුවේ.

මේ සමග ගැටලු සහිත පන්ති වල නාමලේකනය ඔබගේ ව්ශේෂ අවදානය ට යොමු කරමි.

එම අඩුපාඩු 2020 මැයි 26 ට සම්පුර්ණ කර ඔබගේ කාර්‍යය නිවැරැදිව අවසන් කල බවට ඔබගේ අත්සන සහිත පෝරමය සමගින් එම ශිෂය ලිපිගොනුව කලාප කාර්යාලය වෙත යොමුකිරීම ට කටයුතු කරන්න .
කාර්‍යය සනාථ කරන පෝරමය විදුහලේ කර්‍යාලයෙන් නියෝජ්‍ය විදුහල්පති එස්. ඒ. කේ. මැණිකේ මිය වෙතින් ලබා ගත හැක.
මෙම කාර්‍යය වෙනුවෙන් ඔබට ලබා දෙන අවසන් දැනුවත් කිරිමයි. එබැවින් මෙය කඩිනම් අවශ්‍යතාවක් සේ සලකා කටයුතු කරන්න.
ජනාධිපති කාර්‍යය සාදන බලකාය මගින් නියාමනය කෙරෙන මෙම කාර්‍යය කෙරෙහි පන්ති භාර ගුරුවරයෙකු ලෙස ඔබගේ අනවදානය හෝ නොසැලකිල්ල මත ඉදිරියේදි ඇතිවන ගැටලු වලදි පාසල් කලමනාකරණය වගකීම භාර නොගන්නා බව ද වැඩිදුරටත් දන්වා සිටිම්.

වගකීම - වගවීම මැනවින් හදුනා ගැනීම සාර්ථක ගුරු ලක්ෂණයක් වේ.

විදුහල්පතිනිය

Popular posts from this blog